Gossips

ලංකාවේ විදේශ සංචිත නොවැම්බරයේදී පහළට

මෙරට විදේශ සංචිතය පසුගිය නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 884.9කින් පහත වැටී තිබෙනවා.
ඒ අනුව විදේශ සංචිතය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 7018.38ක්.
එනම් බිලියන 7.018ක් ලෙසයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අසීමිතව අවප්‍රමාණවීම වැළැක්වීම සඳහා මහබැංකුව මැදිහත්වීමට මෙලෙස විදේශ සංචිත හීනවීමට හේතුවක්.
බැංකු විසින් ඩොලර් විකිණීම නිසා ඇති වූ ද්‍රවශීලත්ව හිඟය සමනය කිරීම සඳහා මහබැංකුව නොවැම්බරයේදී රුපියල් බිලියන 90ක් පමණ මුදල් මෙරට බැංකු පද්ධතිය වෙත මුදා හරිනු ලැබුවා.