Gossips

හක්මන මන්ත්‍රී ඝාතනයට සම්බන්ධ 4 දෙනෙකු අත්අඩංගුවට

හක්මන – කැබලියපොළ ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධයකින් පහර දී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය නොවැම්බර් 4 වන දා පස්වරුවේ යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර තිබුණා.
එහිදී ජීවිතක්ෂයට පත්වුණේ 53 හැවිරිදි හක්මන – නරවැල්පිට ප්‍රදේශයේ පදිංචි හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්.