Gossips

තායිලන්ත මහමැතිවරණයට දින නියම වෙයි

තායිලන්ත මහමැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වන දා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා.
ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර තිබෙනවා.
තායි හමුදා රජය එම තහංචිය පැනවූයේ හිටපු අගමැති යින්ලක් ෂිනවත්‍රාගේ රජය පෙරළා දැමීමෙන් අනතුරුව පැන නැගුණු විරෝධතා හේතුවෙන්.
ඉදිරි මැතිවරණය මගින් අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය හිමි තායිලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.