Gossips

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසේ

පාර්ලිමේන්තුව රැස්වන හෙට (12) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එමෙන්ම විශේෂ ආරක්ෂාවක් ද පාර්ලිමේන්තු පරිශ්‍රයට ලබාදීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර ද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මහජන ගැලරිය සහ කථානායක ගැලරිය විවෘත නොකිරීමට තීරණය කළා.