Gossips

ඇන්ටාක්ටිකාවේ භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ ඇන්ටාක්ටිකා මහද්වීපයේ උතුරින් පිහිටි සැන්විච් දිවයින් ආසන්නයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
රික්ටර් පරිමාණයේ 7.5ක කම්පනයක් ලෙස මුලින් ප්‍රකාශ වූ මෙම භූ කම්පනය සැබවින්ම රික්ටර් පරිමාණයේ 7.1ක භූ කම්පනයක් බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.
සැලකිය යුතු ගැඹුරකින් සිදුවීම නිසා මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් පැන නොනගින බව ඇමරිකානු පැසිෆික් සුනාමි අනුතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කළා.