Gossips

සැවොම සංවේදී කරමින් ලෝකෙම වසඟයට ගත් අයෝමය කැන්ගරුවා රොජර් මියගිය හැටි මෙන්න

ලොවම මවිත කරවූ විශාල අයෝමය සිරුරක් හිමි 'රොජර්' නමැති කැන්ගරුවා මියගොස් තිබෙනවා.
අවුරුදු 12 ක පමණ වයසක පසුවුවත් අයෝමය සිරුර හේතුවෙන් රොජර් ලෝකය පුරා ජනප්‍රිය වූවා.
මීට වසර ගණනාවකට පෙර රොජර් සොයාගෙන තිබුණේ රිය අනතුරකට ලක්ව මව මියගොස් අසරණව සිටියදීයි.
ඉන් අනතුරුව එම කැන්ගරු පැටවා ඔස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස්හි කැන්ගරු රක්ෂිතයකයි කල් ගතකළේ.
කිසිවෙකු බලාපොරොත්තු නොවූ වර්ධනයක් පෙන්නුම් කළ රොජර් කෙටිකලකදීම ලෝකය පුරා ජනප්‍රිය වූයේ අයෝමය කැන්ගරුවා ලෙසයි.
රොජර් මියයන විට උසින් මීටර් 2 ක් වූ අතර බරින් කිලෝග්‍රෑම් 89 ක් පමණ වූවා.
රක්ෂිත භූමියේ ම රොජර්ගේ සිරුර මිහිදන් කර ඇත්තේ එම රක්ෂිතයේ නිර්මාණකරු වූ ක්‍රිස් බාන්ස් ගේ අධීක්ෂණය යටතේයි.
ක්‍රිස් බාන්ස් මෙම කැන්ගරු රක්ෂිතය ආරම්භ කර ඇත්තේ රොජර් හදා වඩා ගැනීමටයි.
පසුව රොජර් සමග කැන්ගරු ගැහැණු සතුන් 12 දෙනෙකු එක්ව ඇති අතර මේ වන විට රක්ෂිතයේ සිටින කැන්ගරුවන් සංඛ්‍යාව 50 කට අධිකයි.
ඔහු රොජර් ගේ මරණය පිළිබඳව සඳහන් කළේ මෙවැනක්
එයාගේ අම්මා පාරේ මැරිල හිටිය වෙලාවේ අම්මාගේ උදර මල්ලේ ඉන්නකොට මම බේර ගත්තේ. එතකොට එයා ගොඩක් පොඩි පැටියෙක්. මුලදී රොජර් සහ මම අතරේ හොඳ බැඳීමක් තිබුණා. ඒත් පසු කාලෙකදී එයා මං දිහා බැලුවේ එයාගේ තරගකාරයෙකු හැටියටයි. එයාට ඕන වුණා මාත් එක්ක සටන් කරන්න. ඊට පස්සේ එයා රූපවාහිනියේ වගේ ම සමාජ ජාලවලත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ හරහා විශාල පිරිසකගේ ආදරයට ලක් වුණා.දැන් ඉතින් එයා නැහැ. ලෝකයේ බොහෝ දෙනෙකුගෙන් එයාගේ මරණය සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ලැබෙමින් තිබෙනවා. රක්ෂිත භූමියේ ම රොජර් වළ දැමූ නිසා එයා තාමත් මෙහිම ජීවත් වනවා.