Gossips

අයදුම්කරුවන් වෙනුවෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ලියූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පළමු වන කොටසේ ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරුවන් පෙනී සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් සහ කල්මුණේ – සයින්දමරදු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් මෙම සැකකරුවන් දෙදෙනා විභාගයට පෙනී සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මීට පෙර මාතර – තිහගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් ද ඊයේ (10) දිනයේ පැවති ගණිත ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සඳහා අයදුම්කරුවා වෙනුවෙන් විභාගයට පෙනී සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.