Gossips

ඉන්දියාවේ මහබැංකු අධිපති ඉල්ලා අස්වෙයි

නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය සමඟ මතභේදයකට පැටලුණු ඉන්දීය සංචිත බැංකුව හෙවත් ඉන්දීය මහබැංකුවේ අධිපති උර්ජිත් පටෙල් ඊයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.
පෞද්ගලික හේතූන් මත වහාම ක්‍රියාත්මක වන පරිදි තමා ඉල්ලා අස්වන බවයි ඔහු ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා ඇත්තේ.
55 හැවිරිදි උර්ජිත් පටෙල් ඉන්දීය මහබැංකුවේ ස්වාධීනත්වය උදෙසා රජය සමඟ මත ගැටුමක පැටලී සිටියා.
ඉන්දීය මහබැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විපක්ෂ කොංග්‍රස් පක්ෂය ඍජුවම චෝදනා කළේ නරේන්ද්‍ර මෝදි රජයටයි.