Gossips

එජාපයෙන් හෙටත් විශ්වාසය පළ කරන යෝජනාවක්

හෙට (12) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා.
එහිදී මන්ත්‍රීවරුන් විසින් එම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම ද සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.