Gossips

පරාජය හමුවේ බ්‍රිතාන්‍ය අගමැතිනිය, ඡන්දය කල් දමයි

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් සිය බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට අගමැතිනී තෙරේසා මේ, තීරණය කර තිබෙනවා.
නියමිත පරිදි එම එම ඡන්දය පැවැත්වූයේ නම් මන්ත්‍රීවරුන් බහුතරයක් එය ප්‍රතික්ෂේප කරන බව අගමැතිනිය ද පිළිගත කරුණක්.
එහෙත් යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කොට එය මන්ත්‍රීවරුන් පිළි ගන්නා ආකාරයට සකස් කළ හැකි බවයි ඇය ප්‍රකාශ කළේ.
කෙසේ නමුත්, යුරෝපා සංගමයේ අනෙකුත් සාමාජික රටවල් 27, බ්‍රික්සිට් ගිවිසුම යළි සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව යුරෝපා කොමිසමේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.