Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා මීට පෙර විශේෂඥ කමිටුවක් පත් කළ අතර, ඊට අදාළ වාර්තාවයි අද භාර දෙනු ලැබුවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය, දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවා.
මෙම ගිවිසුම නිත්‍යානුකූල නොවන ලෙසට සිදුවී ඇති බවත්, ඊට නිසි අනුමැතියක් සිදු නොවී ඇති බවත් කමිටුවේ වාර්තාව මගින් අනාවරණ වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.