Gossips

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තය අද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළා.
කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ටෙස්ට් පිළට දඟ පන්දු යවන්නෙකු ලෙස ඇතුළත් කර ඇත්තේ පාකිස්තානය සමඟ පැවති තරගාවලියේදී දස්කම් දැක්වූ අජාස් පටෙල් පමණයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 15 වැනිදා සිට වෙලින්ටන් හිදී පැවැත්වෙන අතර, එම තරඟය පැවැත්වෙන ‘බේසින් රිසර්ව්’ ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙසයි සැලකෙන්නේ.
New Zealand:
Kane Williamson (capt)
Tom Latham
Jeet Raval
Ross Taylor
Henry Nicholls
Colin de Grandhomme
BJ Watling (wk)
Will Young
Tim Southee
Matt Henry
Ajaz Patel
Trent Boult
Neil Wagner