Gossips

Update : රන්ජන් රාමනායකට එරෙහි නඩු විභාගය කල් යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 වන දක්වා කල් තබනු ලැබුවා.
ඒ, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදියි.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.
එමඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණා.
Update : Monday, December 10, 2018 ,03.42PM
——————————————————-
rnඅධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබෙනවා.rn
ඒ, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එම සාක්ෂි විභාගය අද, හෙට සහ අනිද්දා යන දෙදින තුළ අඛණ්ඩව සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.
එමඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණා.
ඊට අදාළ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ නඩුවේ සාක්ෂි විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරීමටයි.