Gossips

ආපනශාලාවල අත් ආවරණ නොමැතිව ආහාර පිළිගන්වන්නන්ට දැඩි නීති

ආපනශාලා ඇතුළු ආහාර සකස් කරන ආයතනවල අත් ආවරණ හෝ සුදුසු උපකරණ භාවිතා නොකර ඒවා පිළිගැන්වීම් සිදුකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අදින් ආරම්භ වන ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමඟාමීවයි.
මෙම සතිය ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාරපාන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ජේ.කේ. ජයසිංහ මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.