Gossips

1000ට විසඳුම් ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය පස්වරුවේ ජනපති හමුවෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිත අතර, වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්. අරුල්සාමි කියා සිටියේ.
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මකයි.
මේ අතර වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුපක් ලබාදිය යුතු බව ලංකා වතු සේවක සංගමයේ උප සභාපති එස්. සුමග හැටන් ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.