Gossips

පේරාදෙණියේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

පේරාදෙණිය – ස්ප්‍රින් හීල් වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාති සොහොයුරන් වන බවද පොලීසිය සඳහන් කළා.