Gossips

වතු කම්කරුවන්ට තවත් බලාපොරොත්තුවක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොණ්ඩමන් ප්‍රකාශ කළා.
කොටගල පිහිටි කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට වතු කම්කරුවෙකුට ගෙවන රුපියල් 530ක් වන දෛනික මූලික වැටුප 600 දක්වා වැඩි කර සියළු දීමනා සමඟ රුපියල් 1012ක වැටුපක් ලබාදීමට වතු හාම්පුතුන් කළ යෝජනාවට එකඟතාව පළ නොකරන බවයි.
රුපියල් දහසක දෛනික මූලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් දියත් කර ඇති අඛණ්ඩ වර්ජනය 7 වන දිනටත් අද ක්‍රියාත්මකයි.
මේ අතර, මෙම වර්ජනයට සහය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, රුපියල් දහසේ දෛනික මූලික වැටුප වතු හාම්පුතුන්ගෙන් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් කටයුතු කළ යුතු බවයි ඔහු කියා සිටියේ.