Gossips

මනූෂ නානායක්කාරට චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ ආධාරකරුවන් බව කියන පිරිසක් බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහර දී එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා.
පොලීසිය පවසන්නේ අදාළ පහරදීමෙන් නිවසට ලක්ෂ 6කට ආසන්න අලාභයක් සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගයාන් සමීර සතරසිංහගේ නිවසටයි ඊයේ (08) රාත්‍රියේ මෙලෙස පහර දී ඇත්තේ.
ඔහු සදහන් කළේ දේශපාලන මත ගැටුමක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ ආධාරකරුවන් මෙලෙස පහර දුන් බවයි.
මේ අතර, අදාළ පහරදීමට විරෝධය පළ කරමින් ගාල්ල – පෝද්දල මංසන්ධියේදී විරෝධතාවක් ද පැවැත්වුණා.
මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.