Gossips

නාමල් කුමාරගේ ජංගම දුරකථනය, හොංකොං රාජ්‍යයට

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනය, හොංකොං රාජ්‍යය වෙත රැගෙන ගොස් තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව මෙම ජංගම දුරකථනය රැගෙන ගොස් ඇත්තේ එහි මකා දමා ඇති බව කියන හඬ පට පරීක්ෂා කිරීම සඳහායි.
විමර්ශන සිදුකෙරෙන රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, එම ජංගම දුරකථනය රැගෙන ඊයේ (08) දිනයේ දී හොංකොං රාජ්‍යය වෙත පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.