Gossips

බේරුවල මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගනී

බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ දෙමහල් නිවසක මහා පරිමාණයෙන් ගබඩා කර තිබූ ගිනි අවි 13ක් සහ ජීව උණ්ඩ තොගයක් පොලීසිය අද (09) සොයා ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් ගිනි අවි අතරට ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගැනෙන මිනිඋෂි වර්ගයේ ගිනි අවියක් ද ඇතුළත්.
ඊට අමතරව ජීව උණ්ඩ 800කට වැඩි ප්‍රමාණයක්, ඉලක්කයට වෙඩි තැබීමේ උපකරණ, තියුණු ආයුධ, ලේසර් යන්ත්‍රයක් සහ මත්කුඩු තොගයක් ද නිවසේ තිබී සොයා ගෙන තිබෙනවා.
අදාළ නිවස පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණේ සැකකාර මැණික් ව්‍යාපාරිකයා සහ තවත් පුද්ගලයෙකු, ඝාතනය කරන ලද ගෝනෙකු මෝටර් රථයකින් රැගෙන එමින් සිටියදී බදුරලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
පසුව කළුතර පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකය විසින් නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදීයි මෙම ගිනි අවි තොගය හමුවූයේ.