Gossips

අර්බුදයට හේතුව ජනපති පහදයි

රට තුළ මතු වී ඇති අර්බුදය දේශපාලන පක්ෂ අතර පවතින ප්‍රශ්නයක් නොව ස්වදේශීය සහ විජාතික චින්තන අතර පවතින ගැටුමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
පොළොන්නරුවේ අද (09) පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් රටක තනි පුද්ගලයෙකුගේ පාලනයක් කිසිසේත් අවශ්‍ය නොවන බවයි.
මේ අතර, රුපියල් මිලියන 313ක් වැය කරමින් පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදි කළ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (09) පෙරවරුවේ විවෘත කෙරුණා.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට සියළු පියවර ගන්නා බවයි.