Gossips

සේදවත්ත පාරේ කොටසක් මාස 5 කට වසා දැමේ

කොළඹ – හංවැල්ල ප්‍රධාන මාර්ගයේ සේද වත්ත පාරේ කොටසක් ජලනල එලීම හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා කර තිබෙනවා.
ඒ අනුව, අඹතලේ හන්දියේ සිට කැළණිමුල්ල හන්දිය දක්වා කොටස, අද(22) සිට අගෝස්තු මස පළමුවැනිදා දක්වා සීමා කර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.
එම කාලසීමාව තුළ හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ද රියදුරන්ගෙන් එම මණ්ඩලය ඉල්ලීමක් කළා.