Gossips

බැසිල් සමඟ හිටපු ඇමතිවරු පිරිසක් සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වුණා.
ඒ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදියි.
එම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අවදානය යොමු වූ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ හෙට (10) දිනයේදී ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.