Gossips

දියණියට අමානුෂික අන්දමින් පහර දුන් මවක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

නාරම්මල – අලූත්වැව ප්‍රදේශයේදී අවුරුදු දෙකයි මාස 10ක් වයසැති සිය දියණියට අමානුෂික අන්දමින් පහර දුන් මවක් ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම්. ගුණතිලක අද නියෝග කළා.
ගෙමිදුලේ සිටුවා තිබූ මල් පැළයක් ගලවා දැමූ බව පවසමින්, ඊයේ මෙලෙස පහර දී තිබුණේ 26 හැවිරිදි කාන්තාවක්.
අසල්වාසීන් සිද්ධිය ජංගම දුරකථනයකින් පටිගත කර පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම් දීමකින් අනතුරුවයි ඇයව අත්අඩංගුවට ගැනුණේ.
පහරදීමට ලක්වූ දැරිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.