Gossips

වනජීවි නිලධාරීන් ගමන් ගත් ජීප් රථයකට බූන්දල ජාතික උද්‍යානයේදී වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

බූන්දල ජාතික උද්‍යානයේදී වනජීවි නිලධාරීන් යමින් සිටි කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මී ගවයෙක් සෆාරි ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් එය අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඊයේ (08) රාත්‍රියේ නැවත උද්‍යානය වෙත යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මී ගවයා සමඟ සැකකරුවන් තුන් දෙනෙකු ද පොලිස් භාරයට ගැනුණා.
වනජීවි නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවෙකු හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පළා ගිය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප – අම්බලන්තොට, සනත් ගමගේ