Gossips

අනතුරකට පාර කැපූ අපරික්ෂාකාරී රිය ධාවනය CCTV කැමරාවේ සටහන්වෙයි

මෝටර් රථයක් සහ කැබ් රථයක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ ජාල මාධ්‍ය වල මේ දිනවල සැරිසරනවා.
ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය අපරික්ෂාකාරී ලෙස එක්වරම දකුණට හැරවීමට උත්සහ කරනවා.
එම අවස්ථාවේ මෝටර් රථයට පිටුපසින් පැමිණෙන කැබ් රථය මෝටර් රථයේ ගැටෙන අතර මෝටර් රථයේ ගැටුණු කැබ් රථය නොනවත්වා ඉදිරියට ධාවනය වනවා.
අනතුරට පත් මෝටර් රථය නතර වන්නේ මාර්ගය අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ද ගැටීමෙන්.
මෙම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.