Politics Sri Lanka

උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE)

උදයංග වීරතුංග ඩුබායි නිවසෙන් පැනයයි (UPDATE)

(සිව්වන සංස්කරණය) ශ්‍රී ලංකා රාජයට අත්‍යාවශ්‍ය සැකකරුවෙකු බවට පත් කර සිටින, හිටුපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි නිවසින් පැනගොස් ඇතැයි වාර්තා වේ.

උදයංග වීරතුංග මහතා පසුගිය 04 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර ඔහුව මෙරටට ගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියද ඔහුට එරෙහිව නිකුත් කර ඇත්තේ නිල් නිවේදනයක් බැවින් උදයංග වීරතුංග මහතාව මෙරටට ගෙනඒමට අවසර ලබා දී නැත.

කෙසේ වෙතත් වැඩිදුර විමර්ශනවලට ඉඩ ලබා දෙමින් ඔහුව නිදහස් කර තිබූ අතර මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා අයැදුම් කර ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග මහතා ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළි කැඳවා තිබිණි.

කෙසේ නමුත් ඔහු උදයංග වීරතුංග මහතා ඩුබායි පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර ඇති අතර මේ වනවිට ඔහු සිය ඩුබායි නිවසෙන් පැන ගොස් ඇත.

මෙසේ ඔහු සිය නිවසෙන් පැන යාමත් සමග ඔහු ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර ඇති අතර ඔහුට එරටින් පිටවීමද තහනම් කර ඇත.

යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

මෙම ප්‍රහාරක ගුවන් යානා අලෙවිකරු මෙරට විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ, එම යානා සඳහා ඔවුන්ට ලැබුණේ, ඩොලර් මිලියන 7ක මුදලක් පමණක් බව ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම හරහා මෙම ප්‍රහාරක ගුවන් යානා සඳහා ඩොලර් මිලියන 14ක් ගෙවා ඇත.

එය අනුමත කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් උදයංග වීරතුංග මහතා අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අදාළ ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, අලෙවිකරු සහ නියෝජිතයින් අත්සන් තබා ඇත්තේ ගුවන් හමුදා මූලස්ථානයේදී සහ උදයංග වීරතුංග තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ නිල නිවසේදී ය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ සේවකයෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් සිදු කරණ පරීක්ෂණ සඳහාද උදයංග වීරතුංග මහතා අත්‍යාවශ්‍ය පුද්ගලයෙකි.