Gossips

ගෝලීය කාලගුණ වෙනස ගැන ලෝක නායකයන් අතර මතභේද

පෝලන්තයේ කිටොවයිස් හි පැවැත්වෙන ලෝක කාලගුණ සමුළුවේදී රටවල් අතර මතභේද පැනනැගී ඇති බව වාර්තාවනවා.
විශේෂයෙන් ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය බෙදා ගත යුතු ආකාරය පිළිබඳව මෙතෙක් ඔවුන් අතර එකඟත්වයක් ඇතිවී නැහැ.
මෙම සමුළුව 2015 වසරේ පැරිස් කාලගුණ සම්මුතියෙන් පසු තීරණාත්මක වූ කාලගුණ සම්මේලනය ලෙසයි සැළකෙන්නේ.
එහිදී අඩු කාබන් ආර්ථිකයන් ගොඩනැගීම සඳහා ධනවත් රටවල් සහය විය යුතු බව සංවර්ධනය වෙමින් පවතින රටවල ඉල්ලීමක් වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත්වන බව ප්‍රකාශවීමත් සමඟ ලෝක කාලගුණ වෙනස පිළිබඳ එකඟත්වයක් ඇති කරගැනීම දැනටමත් අභියෝගයක් වී ඇති බව සඳහන්.