Gossips

බේරුවල නිවසකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගනී

බේරුවල – පත්තෙකඬේ ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවි 11ක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මතුගම පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.