Gossips

දේශපාලන අර්බුදය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. පා.ම. වෙල්ගම

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ පවතින දේශපාලන අර්බුදය හමුවේ වැදගත් තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.