Gossips

තහනම් ග්ලයිෆොසෙට් කිලෝ 582 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

තහනම් වල්නාශකයක් වන ග්ලයිෆොසෙට් කිලෝග්‍රෑම් 582 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව – සෙට්ටිකුලම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ මීගමුව – කොච්චිකඩේ පදිංචිකරුවන් වන 33 හැවිරිදි සහ 35 හැවිරිදි මොවුන් වෑන් රථයකින් වල්නාශක තොගය ප්‍රවාහනය කරමින් තිබියදී සිය භාරයට ගනු ලැබූ බවයි.
එම ග්ලයිෆොසේට් වල්නාශක ග්‍රෑම් 100 අසුරණවල තිබී ඇති අතර, සැකකරුවන් අද වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.