Gossips

කැස්බෑවෙකු මැරූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේදී කැස්බෑවෙකු මරා, එම මස් කිලෝ විස්සක් තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 47 සහ 60 හැවිරිදි වියේ පසුවන්නන් වන අතර, ඔවුන් බත්තුළුඔය සහ වෛරන්කට්ටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.