Gossips

ඉංගිරිය – මාවක්ඔයේ ගීලී තරුණයන් දෙදෙනෙකු මරුට

ඉංගිරිය – මාවක්ඔයේ ගිලී තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් දිය නෑමට පැමිණි අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තරුණයන් 3 දෙනෙකු සහ තරුණියන් 3 දෙනෙකු මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුයි දියේ ගිලී ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
එමෙන්ම, නාවලපිටිය – වරකාව පන්සල අසළ මහවැලි ගෙඟ් දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
එහිදී දියේ ගිලූණු තවත් කාන්තාවක ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා.