Gossips

ජනතා පරමාර්ථය කඩිනම් මහ මැතිවරණයක් – හිටපු ජනපති

රටේ ජනතාවගේ පරමාර්ථය කඩිනම් මහමැතිවරණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහනායක, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් අද බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු එක්ව සිටි අතර එහිදී ඔවුන් මහනායක හිමියන් සමඟ පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡාවක නිරත වුණා.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ශ්‍යාමෝපාලී මහා නිකායේ ඌව ස්‍යාම වංශික පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානාගේ ගුණානුස්මරණ මෙහෙය වෙනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක්වුණා.
දෙහිවල මහපල්ලියේදී ගුණානුස්මරණ මෙහෙය සිදුකෙරුණු අතර එහිදී හිටපු ජනාධිපතිවරයා අලෙවි මවුලානාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට ද පැමිණ පුෂ්පෝපහාර දැක්වූවා.