Gossips

හිටපු ජනපතිට බහුතරය පෙන්වීමට නොහැකිවු හේතුව ජනපති හෙළිකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතරය සාදාගැනීමට නොහැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙබ් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර, ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ ඓතිහාසික කන්දේ විහායේ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වූයේ ඊයේ රාත්‍රියේයි.
මේ අතර පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු අද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
ජනාධිපතිවරයා එහිදී අදාළ ඉංජිනේරුවන්ට උපදෙස් ලබාදුන්නේ ඉදිකිරීම් කඩිනම් කර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර පසුගිය අගෝස්තු දෙවැනිදා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රීඩාංගනය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේදී නිවේදන කටයුතු සිදුකළ ශාලික ලක්ෂාන් සිසුවාගේ නිවස වෙත ගිය ජනාධිපතිවරයා අඩක් නිමකර තිබූ ඔහුගේ නිවස කඩිනමින් ඉදිකර දීමට පොරොන්දුවක් ලබාදුන්නා.
ඒ අනුව ඉදිකළ නව නිවස අද ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කර ලක්ෂාන් සිසුවාගේ පවුලේ ඥාතීන් වෙත භාරදුන්නා.