Gossips

දෙනියායේ වතු කම්කරුවන් විරෝධතාවක

තම දෛනික මූලික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලා දෙනියායේ වතු කම්කරුවන් පිරිසක් අද අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධතාවක නිරත වුණා.
ඒ සඳහා දෙනියායවත්ත, හෑන්ඩ්ප්‍රඩ් සහ ඩවුන්සයිඩ් යන වතුවල කම්කරුවන් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා කඳුකරයේ වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.