Gossips

කාශ්මීරයේ රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජම්මු – කාශ්මීර ප්‍රාන්තයේ කඳුකර පූනාච් ප්‍රදේශයේ දී මගී බස් රථයක් මීටර් 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට ඇද වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල් ගත කෙරුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
වංගු සහිත මාර්ගයේ වේගයෙන් ගමන් ගත් බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති බව සඳහන්.
කඳුවැටි දෙකක් අතර පිහිටි ජල මාර්ගයකට බස් රථයේ කොටසක් කඩා වැටී ඇති අතර ඉදිරි කොටස පිටුපස කොටසින් වෙන් වී තිබූ බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතල නිසා ජීවිත හානි සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කළා.