Gossips

ජපානය විදේශ ශ්‍රමිකයන්ට දොරටු විවෘත කරයි

ශ්‍රමික ජනගහනය අඩුවීමේ අර්බුදයකට මුහුණ දෙන ජපානය වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයන් තම රටට ගෙන්වා ගැනීම සඳහා නීති රීති ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජපාන පාර්ලිමේන්තුව අද, ඒ සඳහා වන පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව කාණ්ඩ දෙකක් යටතේ විදේශ ශ්‍රමිකයන් සඳහා වීසා බලපත් නිකුත් කෙරෙනු ඇති.
පළමු කාණ්ඩය යටතේ ඉදිකිරීම්, කෘෂිකර්ම සහ හෙද සේවාවන් සඳහා විදෙස් ශ්‍රමිකයන් ජපානයට ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව අවම වශයෙන් විදෙස් ශ්‍රමිකයන් තුන් ලක්ෂයකට අවස්ථාව හිමි වන බව සඳහන්.
කුසලතා සහිත විදේශිකයන්ට දෙවන කාණ්ඩය යටතේ වීසා බලපත් නිකුත් කෙරෙන අතර ඔවුන්ට පදිංචිය සඳහා ද ඉල්ලූම් කළ හැකි වනු ඇති.