Gossips

අදත් ප්‍රංශයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විරෝධී උද්ඝෝෂණයකට එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් නුවර පැවති මෙම විරෝධතාව සඳහා විරෝධතාකරුවන් 1500කට අධික පිරිසක් එක්ව සිට ඇති අතර පුද්ගලයන් 127 දෙනෙකු පොලීසිය එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඉන්ධන බද්දට එරෙහිව මුලින්ම පැන නැගුණු මෙම විරෝධතා සංවිධාන කරනු ලබන්නේ කහ බැනියම් ව්‍යාපාරය නැමති සංවිධානය විසින්.
සති අන්තයන්හි පවත්වන මෙම විරෝධතා ප්‍රචන්ඩ ස්වරූපයකට පෙරළුනු අතර, පසුගිය සතියේ ද සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබුවා.