Gossips

අලි අනතුරු වළක්වන්න කෙටි පණිවුඩ සේවයක්

දුම්රියේ ගැටී වන අලි මියයාම වැළැක්වීමේ අරමුණින් දුම්රිය රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක අතර, දුම්රිය මාර්ගයේ වන අලි ගැවසීම පිළිබඳව දුම්රිය රියදුරන්ට ජංගම දුරකථන කෙටි පණිවඩුයක් හරහා තොරතුරු ලබාදීමටයි මෙහිදී පියවර ගැනෙන්නේ.
අදාල කෙටි පණිවුඩ ජාලය සම්බන්ධීකරණය සඳහා විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කෙරෙනවා.