Gossips

වතු කම්කරු වර්ජනය පස්වන දිනටත්, වෘත්තිය සමිති අතර මත ගැටුම්

සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද (08) පස්වන දිනටත් ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය අතර ඇතිවී ඇති මත ගැටුමක් පැන නැගී ඇති බව වාර්තාවනවා.
වර්ජනයේ නිරත වතු කම්කරුවන්ගේ ඉල්ලීම්වලට වතු හාම්පුතුන්ගේ සංගමය මෙතෙක් එකඟත්වයක් පළ කර නැහැ.
වතු කම්කරු වර්ජනයට, පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් විසඳුමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි ලංකා ජාතික වතු කම්කරු සංගමය සඳහන් කළේ.
ලබන ජනවාරි මස පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය හේතුවෙන් වතු ජනතාවට වියදම් අධික වන අතර, වර්ජනය නිසා දැනට ලැබෙන වැටුපද අහිමිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් සිය දෛනික මුලික වැටුප රුපියල් දහස වැඩි කරනතුරු වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති අරුල් සාමි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.