Gossips

ඩෙංගු අඩුවෙයි

පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව ඩෙංගු රෝගීන් වාර්තාවීම සියයට 70 කින් පමණ පහළ ගොස් ඇති බවයි.
ඩෙංගු රෝගීන් අඩුවීමට බලපෑ ප්‍රධානතම හේතුව ජනතාව පරිසරය පිරිසිඳුව තබාගැනීම බවද ඔහු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය දිනවල ඩෙංගු රෝගීන් සැළකියයුතු පිරිසක් වාර්තාවී තිබුණා.