Gossips

අරුම පුදුම ප්‍රාදේශිය සභාවක් ගැන මැතිවරණ කොමිසමේ සභාපති හෙළි කරයි

සමානුපාතික ක්‍රමය යටතේ පළාත් පාලන ආයතන සඳහා නම් කරන නියෝජිතයින්ගේ නාමලේඛණ මාර්තු 02 වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියා.
එහිදී සභාපතිවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය සභාව පිළිබඳව අදහස් පළ කරමින් එය අරුම පුදුම ප්‍රාදේශීය සභාවක් ලෙස හඳුන්වා දුන්නා.
ඒ, එම ප්‍රාදේශීය සභාවට කාන්තා නියෝජනයක් නොමැති වීම හේතුවෙන්.