Gossips

එජාපෙ සහය පළ කරන යෝජනාවට ජවිපෙ සහය නැහැ, TNA කල් ගනී

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සම්මත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය සිය කටයුතු සූදානම් කර ඇති බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් කියා සිටියේ 11 වනදා රාත්‍රියේ හෝ 12 වනදා උදෑසන මීට සහය ලබාදෙනවාද යන්න පිළිබඳ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීරණයක් ගන්නා බවයි.
එය ඒකමතික තීරණයක් වන බවද මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තම සන්ධානය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ සහය මෙම යෝජනාවට ලබාදෙන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුනද මෙම දෙමළ ප්‍රගතිශී සන්ධානය නියෝජනය කරනවා.
එම සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනෙකු ඇතුළත්.
එක්සත් ජාතික පෙරමුණ සහය පළ කරන මෙම යෝජනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ මෙම යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමි නොවන බවයි.