Gossips

පැරිසිය නැවතත් විරෝධතාවලට මුහුණදෙන්න සූදානම්

ජීවන වියදමට එරෙහිව පැන නැගුණු ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විරෝධී උද්ඝෝෂණ රැල්ල අද සිව්වන සති අන්තයටත් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භවීමට නියමිතයි.
ඉන්ධන බද්දට එරෙහිව මුලින්ම පැන නැගුණු මෙම විරෝධතා සංවිධාන කරනු ලබන්නේ කහ බැනියම් ව්‍යාපාරය නැමති සංවිධානය විසින්.
සති අන්තයන්හි පවත්වන මෙම විරෝධතා ප්‍රචන්ඩ ස්වරූපයකට පෙරළුනු අතර, පසුගිය සතියේ සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම සති අන්තයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදා සාමාජිකයන් 90,000 ක් යොදවා ඇති අතර, පැරිස් අගනුවර පමණක් 8,000 කට වැඩි නිලධාරීන් යොදවා ඇත්තේ සන්නද්ධ රථ 12 ක්ද සමඟයි.