Gossips

උඩුගමදී ගිනි අවියක් සමඟ යතුරුපැදියක් පොලිස් භාරයට

උඩුගම – කොතලාවල මාර්ගයේදී යතුරුපැදියක් නවත්වන ලෙසට පොලීසිය සංඥා කිරීමෙන් අනතුරුව එහි ගමන් ගත් පුද්ගලයින් යතුරුපැදිය අතහැර පලාගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රධාන පහන් නොදල්වා ධාවනය කිරීම හේතුවෙන් අදාළ යතුරුපැදිය නැවැත්වීමට කටයුතු කළ බවයි.
පසුව යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි තිබී බෝර 12 වර්ගයේ පතොරම් තුවක්කුවක් සහ උණ්ඩයක්ද පොලීසිය සොයාගෙන තිබුණා.
යතුරුපැදිය දමා පලාගිය පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.