Gossips

බේරුවල හෙරොයින් ට්‍රෝලරයේ හිිමිකරුත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට

බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී තවත් යාත්‍රාවකට හෙරොයින් ලබාදීම සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා හිමිකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් කුඩා බෝට්ටුවට ලබාදීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ යටියන්තොට ප්‍රදේශයේදියි.
දුලිප් සමන්ත ද සිල්වා නැමති 44 හැවිරිදි සැකකරු බේරුවල – මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
යටියන්තොටදී සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු කැලණි ගඟට පැන පළායෑමට තැත් කළ අතර, පොලීසිය එහිදී මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද පොලීසිය සොයාගනු ලැබුවා.
මෙම හෙරොයින් තොගය සමඟ පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවුණා.