Gossips

දඹුල්ල සහ ඉඹුල්පේ අයවැය සම්මත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය අද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය ද ඇතිව සම්මත වුනා.
රුපියල් කෝටි 19 ක අයවැය ලේඛනයක් එහිදී ඉදිරිපත් කෙරුණු අතර, ඊට සියලූම ග්‍රාමසේවා වසම් සංවර්ධනය කිරීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමේ යෝජනාවක්ද එක් කර තිබීම විශේෂත්වයක්.
මේ අතර පොදුජන පෙරමුණට බලය හිමි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැයද අද වැඩි ඡන්ද 13 කින් සම්මත වී තිබෙනවා.