Gossips

මව මඟහැරුණු වන අලි පැටවා

හම්බන්තොට, වීරවිල තිස්ස ප්‍රධාන මාර්ගය ආසන්නයේ නිවසකට අද (07) උදෑසන අතරමං වූ වන අලි පැටවෙකු පැමිණ තිබෙනවා.
මෙලෙස පැමිණි වන අලි පැටවා ප්‍රදේශවාසින් විසින් මහත් වෙහෙසක් දරා අල්ලා බුන්දල වන ජීවි නිලධාරීන් වෙත බාර දීමට කටයුතු කල බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ දිනවල වීරවිල ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක අතර ඒ අතරතුර මෙම අලි පැටවා අතරමං වන්නට ඇති බවටයි වනජීවී නිලධාරින් සැක පළකරන්නේ.
වන අලි පැටවාගේ මව සොයා මේ වන විට වනජීවි නිලධාරීන් විසින් මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.