Gossips

අදත් ජාතික ආණ්ඩුවේ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේ සංවාද

ජාතික ආණ්ඩුවේ ගිවිසුමේ වලංගුභාවය පිලිබඳව අද දිනයේදී ද පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස සංවාදයට බදුන් වුණා.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදාළ ගිවිසුම සභා ගත කරන ලෙස ඉල්ලා සිටියා. සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජධීර, නලින් බණ්ඩාර, නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ද ඊට මැදිහත් වුණා.